වර්ල්ඩ් විෂන් සැපයුම්කරු ආචාරධර්ම සංග්‍රහය
වර්ල්ඩ් විෂන් සැපයුම්කරු ආචාරධර්ම සංග්‍රහය
2022 සැප්තැම්බර් මාසයේ අවසන්වරට යාවත්කාලීන කරනු ලැබීය
පිටපත 3.0
වර්ල්ඩ් විෂන් ජාත්‍යාන්තර ආයතනය (WVI ) එහි සියලු ප්‍රසම්පාදන කටයුතු වලදී උසස්ම ආචාරධර්මීය සහ සදාචාරාත්මක ප්රමිතීන් පිළිපැදීමට දැඩි ලෙස කැපවී සිටී. මෙම ආචාරධර්ම සංග්‍රහය, අපගේ දෛනික ව්‍යාපාර මෙහෙයවීමේදී අන්තර්ජාතික වශයෙන් පිළිගත් ප්‍රසම්පාදනය සහතික කරමින්, ආචාරධර්ම සහ යහපත් ව්‍යාපාරික භාවිතයන් අනුගමනය කරන්නා මූලධර්ම පද්ධතියක් සහ හැසිරීම් රටාවක් සපයයනු ලබයි. වර්ල්ඩ් විෂන් / විෂන් ෆන්ඩ් සහ එහි එක් එක් අනුබද්ධිත ආයතන (WV/VF) ප්රදානය කරන්නාට අනුකූල වන අතර අදාළ වන අවස්ථාවලදී ප්රදානය කරන්නාගේ ප්‍රසම්පාදන අවශ්‍යතා අපි පිළිපදිනු ලැබේ. ඒනිසා, වර්ල්ඩ් විෂන්/විෂන් ෆන්ඩ් එහි සැපයුම් කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ ඔවුන්ගේ උප කොන්ත්‍රාත්කරුවන් ආචාරධර්ම සංග්‍රහයට අත්සන් තබා, මෙහි මූලධර්ම පිළිපැදීමට එකඟවන බවට පිළිගැනීම අපේක්ෂා කරයි.
වර්ල්ඩ් විෂන් / විෂන් ෆන්ඩ් සිය සැපයුම්කරුවන්ගෙන් අපේක්ෂා කරන්නේ:
- මුදල්වල වටිනාකම වැඩිදියුනු කිරීමට උත්සාහ කිරීම.
අ) ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට සහ වැඩිදියුණු කිරීමට ක්‍රියාකාරීව උත්සාහ කිරීම සහ ගිවිසුම් කාලය පුරාම සහ /හෝ මිලදී ගැනීමේ ඇනවුම් පිරිවැය අවම කිරීම උත්සාහ කිරීම.
ආ) මිළට සරිලන පරිදි සහ අවංක ලෙස අවශ්‍යතා සහ අවදානම පිළිබිඹු කිරීම.
2) වෘත්තීය භාවයෙන් සහ අවංක භාවයෙන් යුක්තව ක්‍රියාකිරිම අපේක්ෂා කරයි-
අ) ලංසු තබන විට ධාරිතාවය සහ ශක්‍යතාවය පිළිබඳ අවංක සහ යථාර්ථවාදී වන්න.
ආ) මෙම ආචාරධර්ම සංග්‍රහයේ මූලධර්ම ඔවුන්ගේම සැපයුම්කරුවන් සහ උපකොන්ත්‍රාත්කරුවන් සපුරාලන බවට සහතික කිරීමට වර්ල්ඩ් විෂන් එහි සැපයුම්කරුවන් සහ උපකොන්ත්‍රාත් කරුවන් දිරිමත් කරන සහ ඔවුන් සමඟ වැඩ කරන බටව වර්ල්ඩ් විෂන් අපේක්ෂා කරන අතර අවශ්‍ය වන ලෙස සහ අවශ්‍ය වන්නේ නම් සහ අවශ්‍ය වන විට මෙය ප්‍රදර්ශනය කිරීමට හැකිවිය යුතු බවට වර්ල්ඩ් විෂන් අපේක්ෂා කරයි.
ඇ) වර්ල්ඩ් විෂන් /විෂන් ෆන්ඩ් සමඟ වෘත්තිමය සහ සදාචාරාත්මක ව්‍යාපාරික සම්බන්ධතාවන් සංවර්ධනය කිරීමට උපකාරවන ආකාරයට කටයුතු කිරිම.
ඈ) ආයතනික සමාජ වගකීම වෙනුවෙන් පැහැදිලි, ක්‍රියාකාරී කැපවීම ප්‍රදර්ශනය කිරීම.
3) වගවිය යුතු වීම -
අ) ගෙවීම්, ප්‍රතිඵල සමඟ එකපෙළට සිටින සේ සහ කාර්යසාධන අවදානම වඩා සමබර ලෙස බෙදාහදා ගන්නා මිළ ව්‍යුහයක් යෙදා ගැනීම.
ආ) අනපේක්ෂිත ප්‍රතිඵල වෙනුවෙන් වගවීම දැරීම අපේක්ෂා කරන අතර ස්වකීය භූමිකාව සදහා වගකීම භාරගැනීම, දේවල් වැරදුන විට අවංක වීම, එවිට පාඩම් උගත හැකි විම ද මීට ඇතුලත් වේ.
අත්සන :______________
පිටුව 1
4) වර්ල්ඩ් විෂන් / විෂන් ෆන්ඩ් සමඟ එක පෙළට සිටීම -
අ) දුබල සහ ගැටුම් වලින් බලෑමට ලක්වූ ප්‍රදේශද ඇතුළුව සියළුම වර්ලඩ් විෂන් / විෂන් ෆන්ඩ් කාර්යාල හරහා ක්‍රියාත්මක වීමට කැමැත්තෙන් පසුවීම.
ආ) සමස්ථ සංවර්ධන බලපෑම උපරිම කිරීම උදෙසා නවෝත්පාදනය සහ යහපත් භාවිතයන්ගේ දැනුම බෙදාහදා ගැනීම සහ හුවමාරු කිරීම.
5) ඕනෑම ලැදියාවන් අතර ගැටුම් වැලැක්වීමට එකඟ වීම -
වර්ලඩ් විෂන් ආයතනෙය් හෝ විෂන් ෆන්ඩ් හි ලැදියාවන් අතර ගැටුම පිළිබඳ ප්‍රතිපත්තිය යටතේ හෙලිදරව් කිරීම අවශ්‍ය වන්නා වූ යම් සබඳතාවක්, ව්‍යාපෘතියෙන්, අනුබද්ධවීමක්, සම්බන්ධ වීමක්, ආශ්‍රයක්, තනතුරක්, මූල්‍යමය උනන්දුවක් ඔවුන්ට නැති බවටත් සහ යම් ත්‍යාගයක්, ණයමුදලක්, ලබාගෙන නැති බවටත්, වෙනත් යම් ගනුදෙනුවක නිරතවී නැති බවටත් සැපයුම්කරු හෝ කොන්ත්‍රාත්කරු තහවුරු කරයි.
6) ජාත්‍යාන්තර කම්කරු ප්රඥප්තීන් සහ අදාළ වන කම්කරු නීති පිලිපැදීම.
7) ශක්තිමත් පාරිසරික ප්‍රතීපත්තියක් තිබීම -
අ) වර්ලඩ් විෂන්/විෂන් ෆන්ඩ් එහි සැපයුම්කරුවන් හට ඵලදායී පාරිසරික ප්‍රතිපත්තියක් තිබීම අපේක්ෂා කරනු ලබන අතර පරිසරය ආරක්ෂා කිරීම සඳහා පවතින නීති සහ රෙගුලාසි සමඟ අනුකූල වීම අපේක්ෂා කරයි.
වර්ල්ඩ් විෂන් සැපයුම්කරු ආචාරධර්ම සංග්‍රහය පිළිගැනීමේ ප්රකාශනය.
මම /අපි/සැපයුම්කරු, ඉහත දක්වා ඇති වර්ල්ඩ් විෂන් ආයතනයේ සැපයුම්කරු ආචාරධර්ම සංග්‍රහයේ මූලධර්ම හොඳින් කියවා, පූර්ණලෙස අවබෝධ කරගෙන අදාළ වන පරිදි ඊට එකඟ වන බවට පහත මගේ අත්සන් තහවුරු කරයි. මෙම සැපයුම්කරු ආචාරධර්ම සංග්‍රහය සමඟ අනුකූල නොවන ඕනෑම ක්‍රියාවක් වර්ල්ඩ් විෂන් ආයතනය සමඟ පවතින ව්‍යාපාරික සබඳතා අවසන් වීමට හේතු වියහැකි බව මම අවබෝධ කරගෙන සිටිමි.
_______________________________________ _________________
සැපයුම්කරුගේ නම සහ නිල නාමය මුද්‍රණය කරන්න අත්සන
නියෝජිත
________________________________________ ___________________
සමාගමේ / සැපයුම්කරුගේ නම දිනය
අත්සන : __________________
පිටුව 2