ECHO මගින් අරමුදල් සපයන ආර්ථික අර්බුද වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ඒකක 5000 ක් සඳහා සහාය වීමට වර්ලඩ් විෂන් ලංකා, ACTED සහ සේව්ද චිල්රන් යන ආයතන ඉදිරිපත් වේ.

SL Economic crisis response
Monday, March 20, 2023
  • අවදානම් ගෘහ ඒකක 4,200 සඳහා බහුවිධ අරමුණු සහිතව මූල්‍යමය සහාය ලබාදීම.
  • ගෘහ ඒකක 840 ක් වෙනුවෙන් ආරක්ෂාව සඳහා මූල්‍යමය සහාය  ලබාදීම.
  • ළමයින්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය මෙහි ප්‍රතිලාභීන් තොරාගැනීමේ ක්‍රියාවලිය තුලදී ප්‍රමුඛතාවයේ ලා සලකනු ලැබේ.

වර්තමාන ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින රටේ ගෘහස්ථ ඒකක (කුඩුම්භ) 5,000 කට අධික සංඛ්‍යාවක් සදහා ඔවුනට වහාම අත්‍යවශ්‍ය වන ජීවිතය ආරක්ෂා කරගැනීමේ සහ ආරක්ෂණ අවශ්‍යතා ඉටුකර ගැනීමට මූල්‍යමය සහාය සහ ආරක්ෂණ උපකාර යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන නව ව්‍යාපෘතියක් වන සිවිල් ආරක්ෂන සහ මානුෂීය ආධාර (ECHO) සිවිල් ආරක්ෂන සහ මානුෂීය ආධාර (ECHO) ව්‍යාපෘතිය හරහා ලබාදීමට නියමිතය. 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ආරම්භ කරනු ලැබූ, මාස 7 ක කාලයක් තුළ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින්  වව්නියාව,  කිලිනොච්චිය,  නුවරඑළිය, බදුල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය කරනු ලබන අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන්නේ ACTED සංවිධානය සහ සේව්ද චිල්රන් සමඟ එක්ව කටයුතු කරනු ලබන වර්ල්ඩ් විෂන් ආයතනය විසිනි.

“ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් දැඩි බලපෑමට ලක්වූ අතිශය අවදානම් අයහට වහා අවශ්‍ය වන ජීවිත සුරක්ෂිත කිරීමේ සහ ආරක්ෂණ සහායක ව්‍යාපෘතිය” ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය “ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතිය” ලෙසද හඳුන්වනු ලබයි මෙම ව්‍යාපෘතිය අවශ්‍යතාවය ඇති දැඩි අවදානමකට ලක්ව ඇති පවුල් හඳුනාගැනීම සඳහා කුඩුම්භ පදනම් කරගත් අවශ්‍යතා තක්සේරු කිරීමක් සමඟ ආරම්භ වේ.  අර්බුදය, ඔවුන්ගේ ආහාර ලබාගැනීමට ඇති හැකියාවට, සෞඛ්‍යයට, ආරක්ෂාවට, අධ්‍යාපනයට සහ ජීවනෝපායන්ට බලපා ඇත්තේ කෙසේද යන්න සහ ඔවුන්ගේ වියදම් කූඩය හදුනාගැනීමට සහ ඒ අනුව මූල්‍යමය සහාය ගැලපීම තේරුම් ගැනීමට උපකාරී වීමද මෙම තක්සේරු කිරීමේදී සලකා බලනු ලබයි. මූල්‍යමය සහාය ලබාදීමට අමතරව ආරක්ෂාව පිළිබඳ අවදානම අධීක්ෂණය කිරීමට උපකාර කරනු පිණිස සහ මූල්‍ය දිශාභිමුඛ මැදිහත්වීම්වල අවදානම සහ බලපෑම අධීක්ෂණය කිරීමටත්, ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් ප්‍රජාව වෙතට කාන්දු කිරීම සඳහාත් පළාත්පාලන ආයතන වල නිලධාරීන්ගේ ධාරිතා බලගැන්වීමේ දිශාවටද ව්‍යපෘතිය තවදුරටත් කටයුතු සිදුකරනු ලබයි. 

“ආර්ථික වශයෙන් වඩාත්ම අවදානම් සහිත පවුල් පොරබැදීම ආරම්භ කර ඇති හුදෙක්ම ආහාර සුරක්ෂිතභාවය පමණක් නොව, ආරක්ෂාව, ඖෂධ, දරුවන්ගේ අධ්‍යාපනය සහ ජීවනෝපාය වෙනුවෙන් ඔවුන්ට  සම්මුතිගත වීමට සිදුව තිබෙන්නේ කෙසේද, යන්නද සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය වඩාත්ම අත්‍යවශ්‍ය වන මොහොතක ක්‍රියාත්මක කරනු ලබන බව” වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය වෙනුවෙන් ව්‍යාපෘතියට නායකත්වය ලබාදෙන ඉරුනායම් මීහයිල් මහතා පවසයි. 

බහු අරමුණ සහිත මූල්‍ය සහාය සඳහා ව්‍යාපෘතිය කුඩුම්භ ඒකක 4,200 ක් තෝරාගන්නා අතර පුද්ගලයින් 60,000 කට අධික සංඛ්‍යාවක් ඉන් ප්‍රතිලාභ ලබයි. වහාම හානියට පත්වීමේ අවදානමක් සහිත අතිරේක කුටුම්භ ඒකක 840 ක් සඳහා ද ආරක්ෂිත මූල්‍යමය සහායක් ලැබෙන අතර මෙය පළාත් පාලන අධිකාරීන් මෙන්ම ප්‍රජා මූල සංවිධාන, කාන්තා කණ්ඩායම් සහ ළමා නියෝජිතයින්ගෙන් සැදුම් ලත් මෙහෙයුම් කමිටු මගින් අඛන්ඩව අධීක්ෂණය කරනු ලැබේ. මෙම පවුල්වල යහපැවැත්මට නිශේධනාත්මක ලෙස බලපානු ලබන අවදානම් තත්වයන් වලක්වා ගැනීමට ඔවුන්ට උපකාර කිරීමද මෙම සහාය වීම මගින් ඉලක්ක කරගනියි.

හදිසි අවස්ථාවලදී, කුඩුම්භ ඒකක වෙත ආහාර සහ අත්‍යවශ්‍ය සහනාධාර ද්‍රව්‍ය බෙදාදීමට ප්‍රතිපක්ෂව මූල්‍යමය සහාය ලබාදීම ඵලදායී ආකාරයේ සහ ජීවිත ආරක්ෂා කරගැනීමට වහාම අවශ්‍යවන්නා වූ එකක් වන බව සනාථ කර ඇත්තේ, එය ඔවුන්ගේ තීරණාත්මක අවශ්‍යතා සපුරාගැනීම සඳහා එකී පවුල්වලට තීරණ ගැනීම සඳහා ඔවුන් බලගැන්වීම, එම අවශ්‍යතා නිර්වචනය කර ප්‍රමුඛකතා ගත කිරීම, සිදුකරන අතරතුර තම දරුවන්ගේ යහපැවැත්ම සඳහා ආයෝජනයද කරනු ලබන නිසාය. මෙම ප්‍රවේශය මගින් බැංකු ගනුදෙනු කටයුතු වල නිරත නොවන පුද්ගලයින් ඇතුලත් කර ගැනීම ප්‍රවර්ධනය කරන අතරම විශේෂයෙන්ම කාන්තාවන් හට මූල්‍යමය සේවාවන්ට ප්‍රවේශවීමට උපකාර කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ පවුල් දහස් ගණනක් ස්වකීය පරම්පරා අතර දරිද්‍රතාවයකට දිගුකාලීන වශයෙන් පත්වීම ඉහල යාමට පෙර වඩාත් සුදුසු වහාම ලබාදිය යුතු මානුෂවාදී සහන ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකාව නිදහසෙන් පසු මුහුණ පාන දරුණුතම ආර්ථික කැළඹීම විසින් සියලුම තරාතිරමකම ජනතාව සුනුවිසුනු කර දමා ඇත.